News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

චීනයේ විවාහ උත්සව අවලංගු කෙරේ

922 Views


චීනයේ විවාහ උත්සව අවලංගු කෙරේ

මේ වසරේ විවාහ වීමට අපේක්ෂා කල බොහෝ පිරිසකගේ විවාහ මංගල උත්සවයන් 90 % ක් පමණ අවලංගු කර තිබෙනවා. විශේෂයෙන්ම පැතිර යන කොවිඩ් වෛරසය හේතුවෙන් ජනතාවගේ ජිවිත අවධානමෙන් මුදා ගැනීම සදහා මෙම තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම චීන කැලැන්ඩරයට අනුව 2020 මීයා හට අයත් වර්ෂයයි. ඔවුනට අනුව මියා යනු ඉතා කඩිසර සත්වයෙකු බවත් මියගේ වර්ෂයේ වඩාත්ම සුබ පල දෙන දිනයන් ලෙස 2020.02.02 සහ 2020.02. 20 යන දිනයන් ඔවුන් සලකන අතර ඒ හේතුවෙන් බොහෝ විවාහ අපේක්ෂකයින් මේ දිනයන් තුල සිය විවාහ මංගල උත්සවයන් පැවැත්වීමට සුදානම් කර තිබුණා. කෙසේ වෙතත් පවතින තත්වය සැලකිල්ලට ගෙන එම විවාහ උත්සවයන් අවලංගු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

රට යථා තත්වයන්ට පත්වීමෙන් පසු එම උත්සව සියල්ල පැවැත්විය හැකි බවයි චීන බලධාරීන් සදහන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post