News Line| Off Air| Games
Generic placeholder image

May
21

අයපත් කාලගුණය නිසා අවහිර වෙලා තියෙන සියලුම මාර්ග මෙන්න.

1006 Views


අයපත් කාලගුණය නිසා අවහිර වෙලා තියෙන සියලුම මාර්ග මෙන්න.

එක දිගට ඇද හැලෙන වර්ෂාව නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මාර්ග අවහිර වෙලා තියෙනවා. සමහර පාරවල් ජලයෙන් යට වෙලා තියෙනවා. තවත් සමහර පාරවල් නාය යාම් නිසා අවහිර වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ යට වෙලා තියෙන පාරවල් කිහිපයක්. ඔබේ ප්‍රදේශයේත් මාර්ග අයහපත් කාලගුණය නිසා අවහිර වෙලා තියෙනවා නම් අපිට දැනුම් දෙන්න.

කලා ඔයේ ජල මට්ටම ඉහල ගිහින් තියෙන නිසා පුත්තලම – මන්නාරම පාරේ ගමනා ගමන කටයුතු අවහිර වෙලා තියෙනවා.

එළුවන්කුලම් සපත්තු පාලමත් මේ වෙද්දී අඩි දෙකක් විතර ජලයෙන් යට වෙලා තියෙනවා.

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩන වැටිලා තියෙනවා. ඒ නිසා දුම්රිය ධාවනය බදුල්ලේ ඉදන් නැවතිලා තියෙනවා.

තල්දූව සහ ඉහළ තල්දූව ප්‍රදේශ ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ නිසා කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ වාහන ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා.

ගිං ගඟ පිටාර ගලන නිසා උඩුගම – අකුරැස්ස, උඩුගම – නෙළුව මාර්ග ජලයෙන් යට වෙලා තියෙනවා.

මහනුවර – යාපනය A9 මාර්ගයේ කොටසක් අලවතුගොඩ අටේ කණුව ප්‍රදේශයෙන් ගිලා බැහැලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post