කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා.
මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත් වී තිබෙනවා.
වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 7503 ක්, ස්පාඤ්ඤයේ මරණ 3647 ක්, චීනයේ මරණ 3287 ක්, ඉරානයේ මරණ 2077 ක් සහ ප්‍රංශයේ මරණ 1331 ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.