News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ නගර රැසක් වැසෙයි – ලොව පුරා මරණ 2400 ඉක්මවයි

2865 Views


කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ නගර රැසක් වැසෙයි – ලොව පුරා මරණ 2400 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2460 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,000 ඉක්මවා ඇති අතර ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක් චීනයෙන් හඳුනාගෙන ඇති බවත් වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,500කට අධික බවත් වාර්තා වුණා.

ඉතාලියෙන් දෙවන පුද්ගල මරණයද වාර්තා වූ අතර වෛරසය ආසාදිතයින් 79 ක් මේ වනවිට වාර්තා වනවා.

ලොම්බාර්ඩි සහ වෙනෙටෝ පළාත් මේ වනවිට නිරෝදායන ප්‍රදේශ ලෙස වසාතබා ඇති අතර එම පළාත් වල පාසැල්, ව්‍යාපාරික ස්ථාන, ආපන ශාලා, වසා තැබීමටද නියෝග කර තිබෙනවා.

එසේම සති අන්තයේ පවතින ක්‍රීඩා තරග හා දේවස්ථාන වල නියමිත මෙහෙයන්ද නොපවත්වන ලෙස බලධාරීන් දැනුම් දී ඇති අතර මේ වනවිට ඉතාලියේ මුළු නගර 12 ක් මෙසේ නිරෝදායන තත්ත්වය තබා ඇති බව සදහන්.

එමෙන්ම මෙම නගර වලට වෙනත් නගරවලින් පුද්ගලයින්ට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසත් මෙම නගර වාසීන්ට වෙනත් නගර වලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසත් ඉතාලි රජය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

අද වනවිට එරටින් වාර්තා වන වෛරසය ආසාදන වු පුද්ගලයින් සංඛ්‍යාව 556 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

මෙවන් පසුබිමක දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන අතර මේ වන විට තවත් 123 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක්.

මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බව දකුණු කොරියානු අගමැතිවරයා පවසනවා.

වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පුද්ගලයින් බහුතරයක් එරට ගිනිකොනදිග දේගු නගරය අසල රෝහලක් සහ ආගමික කණ්ඩායමකට අයත් පුද්ගලයින් බව බලධාරීන් සඳහන් කළා.

එරටින් පුද්ගල මරණ දෙකක් වාර්තා වන අතර එම අගය ඉහළ යනු ඇතැයි වාර්තා වනවා.

තේගු නගරය සහ චෙන්ග්දෝ නගර සැලකිළිමත් විය යුතු කලාප ලෙස නම් කර ඇති අතර දේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අනුව ජපානය අසළ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවෙන් පසුව වෛරසය ආසාදිතයින් වැඩිම ගණනක් හමුවන්නේ දකුණු කොරියාවෙන්.


News Articles
Latest Videos
Most Popular Post