News Line| Off Air| Games
Generic placeholder image

Nov
22

නව ආසාදිතයින් 216ක් හඳුනා ගැනේ – මෙරට සමස්තය 20,000 පනියි

419 Views


නව ආසාදිතයින් 216ක් හඳුනා ගැනේ – මෙරට සමස්තය 20,000 පනියි

අද මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා.

ඒ, අද රාත්‍රී තවත් නව කොරෝනා ආසාදිතයින් 216 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වන අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ ඒ ආශ්‍රිතව හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ, 391ක් ලෙසයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් ගණන 20,162ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම රෝගීන් 6,010 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 14,069ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post