News Line| Off Air| Games
Generic placeholder image

Feb
12

දන්නෙ නැතුව තහනම් රටේ ගෙඩි කෑමට සැරසෙන ශ්‍රී ලංකා කෝඩුකාරයෝ

1424 Views


දන්නෙ නැතුව තහනම් රටේ ගෙඩි කෑමට සැරසෙන ශ්‍රී ලංකා කෝඩුකාරයෝ

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකා සංචාරය නිරත වන්නේ දැඩි පසුබෑමට ලක්ව තිබෙන අවස්ථවකයි. ඔක්තෝම්බර් මාසයේ සිට, ජයග්‍රහණයත් , පිපාසය සොයන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හෙම්බත් වී සිටින පසුබිමක එය තවත් මිරිඟුවක් බවට පත් වේද යන බියෙන් ඔවුන් පසුවෙති.

කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පරිපාලන සහ තේරීම් කමිටුව මතබේදනාත්මක තත්ත්වයක පසුවන විට දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායමේදීත් ඉවත්කොට තිබේ.

අත්දැකීම් මඳ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය කටු ඔටුන්න දරා සිටින්නේ 30 හැවිරිදි වමත් ආරම්භක පිලිතුරු දිමුත් කරුනාරත්නයි. මෙරට වසර 38 ක ටෙස්ට් වංශ කතාවේ 17 වනි ටෙස්ට් නායකතවය තම උරමත දරාගෙන ඔහු හෙට ඩර්බන් පිටියට පිවිසෙනු ඇති.

අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම

උපනායකත්වයට නිරෝෂන් දික්වැල්ල නම් කොට ඇති අතර  පලපුරුදු දඟපන්දු ඩිලෘවන් පෙරේරා ස්ථානය අහිමි වී තිබේ.

ලහිරු තිරිමාන්න , කෞශාල් සිල්වා , කුසල් මෙන්ඩිස් , කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන , ධනන්ජය ද සිල්වා , ඕෂධ ප්‍රනාන්දු , ඇන්ජලෝ පෙරේරා , සුරංග ලක්මාල් , කසුන් රාජිත , විශ්ව ප්‍රනාන්දු , චාමික කරුනාරත්න , මොහොමඩ් ශරීස් , ලක්ෂාන් සඳකැන් , ලසිත් ඇඹුල්දෙණිය  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකා කණ්ඩාමට , තවත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දී සිටින්නේ විදෙස් සංචාරයට ආරම්භයට පෙර එම ත්‍රඟ බිමේදී කිසිඳු පුහුණු තරඟයක් ක්‍රීඩා නොකිරීමයි.සාමාන්‍යයෙන්  ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක් විදෙස් සංචාරකයකට සහභාගී වෙන විට ඒ රටේ දේශගුණය , තණතිලි වල පන්ඳුව දෝලනය වන්නේ කෙසේද ආදී කරුණු දැන ගැනීම සඳහා පුහුණු තරඟයක ක්‍රීඩා කිරීම සිරිතකි. එහෙත් , මෙවර අප කණ්ඩායමට  එවැනි ආකාරයේ පුහුණු තරගයක් ලබා නොගැනීම මෙරට ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ තවත් අමනෝච්ච ක්‍රියාවක ප්‍රතිපලයක්ද ?

දකුණු අප්‍රිකාවේ ශ්‍රී කණ්ඩායමේ නායකත්වයට ෆෆ් ඩුප්ලසීස් නම්කොට ඇති අතර  20 හැවිරිදි වියාන් මල්ඩර් කැඳවීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Temba Bavuma  , Quinton de Kock , Keshav Maharaj , Wiaan Mulder , Vernon Philander , Dale Steyn , , , , Zubayr Hamza , Kagiso Rabada , Duanne Olivier , Aiden Markram , Dean Elgar , Theunis de Bruyn , Hashim Amla

පසුගිය මාස 12 තුළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ දක්ශතා

Kagiso Rabada – කඩුළු 48 යි.

Keshav Maharaj – කඩුළු 33 යි.

Duanne Olivier – කඩුළු 24 යි.

Vernon Philander – කඩුළු 23 යි.

දෙරට අතර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ඉතිහාසයේ තරඟ 27 ක් පවත්වා තිබෙනවා. එහි ත්‍රඟ 17 ක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව හයගෙන ඇත්තේ තරඟ 7 ක් පමණයි. මෙවැනි අභියෝගාත්මක තරඟ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් පල කර තිබෙනවා.

මෙහිදී ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය මාධ්‍යවේදියා නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ටෙස්ට් කණ්ඩායම ලැබූ පරාජයන් පිලිබදව චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා ,

රෝස පැහැති පන්ඳුවෙන් ක්‍රීඩා කිරීම පහසු නෑ. ඒ නිසා ටෙස්ට් තරඟයක් දින තුනක කෙටි කාලයකට සීමා වීම සුලබ කාරණයක්.

නොවැම්බර් මාසයේදී තේරීම් කමිටුවේ වෙනස් වීමක් සිදු වුනා. ඒ සමගම නායකත්වය පුහුණුකාර මණ්ඩලයත් වෙනස්වුනා. එය කන්ඩායම තුල පැවති අඛණ්ඩතාවය බිද හෙලමින් අස්ථාවරත්වයක් නිර්මාණය කල බව ඔහු වැඩිදුරටත් සදහන් කලා.

හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු දීර්ග සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ නිවැරදි දිශානතිය තීරණය කරනු නොඅනුමානයි. ක්‍රීඩා අට්ටාලයේ සිට කෑ මොරසන් දෙන ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින් යළි ක්‍රීඩා මණ්ඩපයට යලිත් ක්‍රීඩා මණ්ඩපයට ගෙන ඒම ක්‍රීඩකයින්ගේ වගකීමක් වනවාසේම ඊට නිසි සැලසුම් සකස් කිරීම ක්‍රීඩා කලමණාකාරීත්වයේ වගකීමක් බව සියත 24 අප මතක් කර සිටිමු.

 


News Articles
Latest Videos
Most Popular Post