News Line| Off Air| Games
Generic placeholder image

Feb
11

සිංහයන් සමග ගැටෙන අප්‍රිකානු සංචිතය නම් කෙරේ

943 Views


සිංහයන් සමග ගැටෙන අප්‍රිකානු සංචිතය නම් කෙරේ

මේ මස 13 වනදා ආරම්භ වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතය පසුගියදා නම් කරන ලද අතර එහි නායකත්වය ෆෆ් ඩූ ප්ලේසි හට හිමිව තිබේ. සංචිතය සඳහා තවත් හැඩ සහ වර්ණ දිනා නොමැති විසි හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මුල්ඩර් කැඳවා තිබීමද විශේෂත්වයක්. 2018 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී වම් වළලුකර ආබාධයට ගොදුරු වූ මුල් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථානයකට ඔහු නම් කර තිබීම විශේෂත්වයක්. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සමගින් මේ සම්බන්ධ අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන්ට පවසා ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති තරගාවලිය සඳහා ද මුල්ඩර් නම් කර තිබුණද අවසන් එකොළොස් දෙනාට ඔහු ඇතුලත් කිරීමට පියවර නොගත් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගාවලියේ දී මුල්ඩර් ඉහළ දක්ෂතා දක්වනු ඇතැයි බවත් තමන් විශ්වාස කරන බවයි.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය මෙසේයි ෆෆ් ඩූ ප්ලේසි (නායක) හෂීම් අම්ලා ටෙම්බා බවුමා,තෙයුනිස් ඩී බ්‍රයින් ,ක්වින්ටන් ඩී කොක් ,ඩීන් එල්ගර්, සුබෙයිර් හම්සා,කේෂව් මහරාජ් , එයිදම් මාකම් , වියාන් මුල්ඩර්,ඩුයෙන් ඔලිවර් , වර්නන් පිලෙන්ඩර්, කාගියෝ රබාඩා, ඩේල් ස්ටේන්


News Articles
Latest Videos
Most Popular Post