News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

නුවර රැල්ල කොළඹට එයි. Match එකෙන් පස්සෙත් ප්‍රේමදාස පිටියේ සිදු වුන දේ. – Photo

1562 Views


නුවර රැල්ල කොළඹට එයි. Match එකෙන් පස්සෙත් ප්‍රේමදාස පිටියේ සිදු වුන දේ. – Photo

කාලෙන් කාලෙට එක එක රැළි එනවා. මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වලත් අපූරු රැල්ලක් පටන් අරන් තියෙනවා. ඒ තරඟයෙන් පස්සේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන එක.

මේ රැල්ල පටන් ගත්තේ දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ 3 වෙනි එක්දින තරඟයේදී. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ආව ප්‍රේක්ෂකයින් ගෙදර ගියේ ක්‍රීඩාංගණයේ තිබ්බ සේරම කුණු එකතු කරලා. 4 වෙන තරඟයේදීත් නුවර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඒ වැඩේ කරා.

දැන් ඒක රැල්ලක් වෙලා. ලංකාවේ ක්‍රිකට් වහගෙන. ඊයේ කොළඹ ක්‍රිකට් ප්‍රේක්ෂකයනුත් ඒ ආදර්ශය ඒ විදියටම ක්‍රියාත්මක කරා. ක්‍රීඩාගාරයේ තිබ්බ සේරම කුණු ඔවුනුත් එකතු කරා.

ලංකාවේ මිනිස්සු වෙනස් වෙන්න පටන් අරං. ඒ ක්‍රිකට් නිසා. මේ රැල්ල ඊළඟ තරඟාවලියටත් ගෙනියමු. එතනින් නවතින්නේ නැතුව මුළු ලෝකෙටම ගෙනියමු. කවදා හරි ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලෝකයේ වෙනස් කරේ අපි කියලා.

මේ තියෙන්නේ ඊයේ තරඟයේදී ප්‍රේක්ෂකයන් ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිරිසිඳු කරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post