News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

ඉතිහාසයේ පළවෙනි වරට පෙරළිකාර ක්‍රොඒෂියාව FIFA අවසන් මහා තරඟයට.

608 Views


ඉතිහාසයේ පළවෙනි වරට පෙරළිකාර ක්‍රොඒෂියාව FIFA අවසන් මහා තරඟයට.

2018 FIFA ලෝක කුසලානයේ දෙවෙනි අවසන් පූර්ව තරඟය ඊයේ පැවැත්වුණා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර. තියුණු තරඟයකින් පස්සේ එංගලන්තය පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න ක්‍රොඒෂියාව සමත් වුණා.

තරඟයේ පස්වැනි මිනිත්තුවේදීම පළවෙනි ගෝලය වාර්තා කරන්න එංගලන්තය සමත්වුණා. එංගලන්තයේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එකතු කළා. තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර තරගාවලියේ රන් සපත්තුවේ හිමිකරු ලෙස සැලකෙන එංගලන්ත නායක හැරී කේන්ට පහසුවෙන්ම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව මන්හැරුනා.

ක්‍රොඒෂියාව කිසිම ගෝලයක් ලබා ගන්න පළවෙනි සමත්වුනේ නෑ. දෙවෙනි අර්ධයේදී ක්‍රියාත්මක වුන අයිවන් පෙරිසිච් 68 වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පළවෙනි ගෝලය වාර්තා කළා.

තරඟයේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිලම ගෝල 1 බැගින් ලබා ගෙන සම තත්වයේ පසු වුණා. ඒ නිසා තවත් අමතර කාලයක් ඔවුන්ට හිමිවුණා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ක්‍රොඒෂියාවේ මරියෝ මාන්සුකික් ජයග්‍රාහී ගෝලය වාර්තා කරා. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රොඑශියාවට දොරගුළු විවර වුණා.

මෙවර FIFA ලෝක කුසලානයේ අපරාජිතම කණ්ඩායම විදියටයි ඔවුන් අවසන් මහා තරඟයට සහභාගී වෙන්නේ. ඒ අනුව ලබන 15 වෙනිදා ප්‍රභල ප්‍රංශය සහ පෙරළිකාර ක්‍රොඒෂියාව පාපන්දු කුසලානය වෙනුවෙන් සටන් වදින්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post