ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.
ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවති අතර, එහිදී කැනඩා මහකොමසාරිස්වරයා සිය රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර චීන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ ජියන්ගාවෝ ද ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.