News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

ජනපති රුව මැතිවරණයට භාවිතා නොකරන්නැයි නියෝගයක්

503 Views


ජනපති රුව මැතිවරණයට භාවිතා නොකරන්නැයි නියෝගයක්

මහ මැතිවරණයට තරඟ වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් සියලු ආණ්ඩුකාරවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් සංස්ථා මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ (01) දිනයේ ලිඛිතව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සියලු රාජ්‍ය සේවකයින් අදාළ උපදෙස් පිළිපදින බවට වග බලාගන්නා ලෙස ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post