News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

ක්‍රිකට් තහනම් වුන ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මේසන් බාස්ට ඇත උදව් දෙයි. Video මෙන්න.

1324 Views


ක්‍රිකට් තහනම් වුන ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මේසන් බාස්ට ඇත උදව් දෙයි. Video මෙන්න.

පන්දුව පැළදු කිරීමේ වරදට හසුවෙලා තරඟ තහනමකට ලක්වුණ ක්‍රීඩකයෙක් තමයි ඩේවිඩ් වෝනර්. වසර 2 ක තරඟ තහනමකට ලක්වුන වෝනර් දැන් කරන්නේ මොනවද කියලා ලෝකයම බලා ගෙන ඉන්නවා.

මේ අතරේ ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදු කරන ස්ථානයක අත් උදව් දෙන Video එකක් සහ ඡායාරුප අන්තර්ජාලයට එකතු වෙලා තියෙනවා. ක්‍රීඩා තහනම නිසා රැකියාවක් නැති වෝනර් ඉදිකිරීම් ස්ථානවල අත් උදව් දෙන්න පටන් අරන් කියලයි මේ Video එක දැක්ක අය නම් කිව්වේ.

හැබැයි ඇත්ත කතාව නම් එක නෙවෙයි. වෝනර් හදන අලුත් ගෙදර තමයි ඔහු මේ විදියට වැඩ කරන්නේ. ක්‍රීඩකයෙක් විදියට යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්න ඕන නිසා අලුත් ගෙදර වැඩට උදව් වෙන්න වෝනර් තීරණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ Video එක.


News Articles
Latest Videos
Most Popular Post