News Line| Off Air| Games
Generic placeholder image

Nov
20

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

577 Views


හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල – දොලූව – හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.

දේහය මේ වනවිට ගම්පොල දොලූව ප්‍රදේශයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ අභාවය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදවලට මුහුණදුන් අවස්ථාවලදී පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා වැදගත් භූමිකාවක් ඉටුකළ නායකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න හැඳින්විය හැකි බව විපක්ෂ නායකවරයා එමඟින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post