News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය Digital වෙයි.

1300 Views


රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය Digital වෙයි.

පාරේ වාහනයක් පදවන්න නම් රියදුරු බලපත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනයක් පදවන්න පුළුවන් වුණාට මාර්ග නීති, මාර්ග සංඥා දැනගෙන ඉන්නත් ඕන. එක නිසා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න මුලින්ම විභාගයකට පෙනී ඉන්න ඕන.

කලින් මේ විභාගය ලිඛිත පරීක්ෂණයක් විදියට තිබ්බේ. හැබැයි අලුත් ක්‍රමේකට මේ විභාගය පවත්වන්න මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා. Touch Screen පරිගණක මඟින් තමයි ඉදිරියේදී මේ විභාගය පවත්වන්න හදන්නේ.

මුල් අදියරේදී වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි මේ වැඩේ අත්හදා බලනවා. එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා කියලා මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා සඳන් කරා. විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post