News Line| Off Air| Games
Generic placeholder image

Feb
19

හංසයා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් නීතියක්

701 Views


හංසයා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් නීතියක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගන්නේ නම් වසර පහක් ඉක්මවෙන තෙක් එම සලකුණ යළි පෙර පැවති පක්ෂයට ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

එම නිසා “හංසයා”, ලකුණ සමගි ජන බලවේගයට භාවිත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹීම සිදු නොවූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගැනීමට කෘත්‍යාධීකාරී මණ්ඩලය ගත් තීන්දුවකට අනුව මැතිවරණ කොමිසමේ මතය විමසීමට පැමිණි අවස්ථාවේදී මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර සමගි ජන බලවේගයේ ලකුණ ලෙස “හංසයා” යොදා ගැනීමට හැකියාව ඇත්ද යන්න සොයා බැලීම සඳහා අදාළ පක්ෂවල මහලේකම්වරු මැතිවරණ කොමිසම වෙත පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post