News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

වැඩ තහනම් කළ තෙබුවන සැරයන්ට ෆේස්බුකියෙන් වැටුප් – VIDEO

1118 Views


වැඩ තහනම් කළ තෙබුවන සැරයන්ට ෆේස්බුකියෙන් වැටුප් – VIDEO

තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් වරයෙක් වන සනත් ගුණවර්ධන කියන්නෙ පසුගිය දවස් වල ගොඩක් කතාබහට ලක්වුන කෙනෙක්. තමන් අත් අඩංගුවට ගත්ත වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව ඔහු සටන් කෙරුවා. ඒ තමන්ගෙ රාජකාරී ගිනි අවිය අරගෙන නගරයට ඇවිත් ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධතාවය දක්වමින්. සැරයන්වරයාව මේ හේතුව නිසා අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කරලා තිබුණා.

මේ සිදු වීමත් එක්ක අසරණ වුණ සාජන්ට් සනත් ගුණවර්ධනට වැටුප ගෙවන්න ෆේස්බුක් එකේ කට්ටියක් එකතු වෙලා තිබුණා. මේ කට්ටිය මේ සාජන්ට්වරයාට මුදල් එකතු කරන්න බැංකු ගිණුමක් පවා පටන් අරගෙන තිබුණා. ඒ ගිණුමට එකතු වුණ රුපියල් ලක්ෂ විසිපන්දහසක මුදලක් සැරයන්වරයාගෙ නිවසටම ගිහින් පරිත්‍යාග කරන්න මේ කට්ටිය කටයුතු කරලා තිබුණා. නිමල් එදිරිසිංහ ඇතුලු පිරිසක් තමයි මේ වැඩේට මූලික වෙලා තියෙන්නෙ.

සාජන්ට් සනත් ගුණවර්ධන මහතා කියා සිටියේ මේ වගේ දෙයක්.

https://www.facebook.com/nimal.kodituwakku/videos/10155796574776709/


News Articles
Latest Videos
Most Popular Post