News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

පොහොර අවශ්‍යතාවය සපුරා අවසන් – රට තුළ පොහොර හිඟයක් නැහැ

606 Views


පොහොර අවශ්‍යතාවය සපුරා අවසන් – රට තුළ පොහොර හිඟයක් නැහැ

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ මහේෂ් ගම්මන්පිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාව මේ වනවිටත් සපුරා ඇති බවයි.

එමෙන්ම ඒ ඒ ගොවි මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රසායනික පොහොර ලබා දී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සදහන් කළා.

2020 යල කන්නය ආරම්භ වන තෙක් වී වගාව සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම සතුව පිළිවෙලින්, යූරියා, ට්‍රිප්ල් සුපර් පොස්පේට් , මියුරියේට් ඔෆ් පොටෑෂ්, මෙ. ටො. 18134 , මෙ. ටො 8266, මෙ. ටො 9131 ක් ප්‍රමාණ ඉතිරිව ඇති බව සදහන්.

ඉදිරි කන්නයට අවශ්‍ය අතිරේක පොහොර ද මේ වනවිට ඇනවුම් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවා.

කෙසේ වෙතත් පොහොර අලෙවිකරුවන් විසින් පොහොර සඟවා තබාගැනීම සහ එම පොහොර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරන බවට නිරන්තරයෙන් තොරතුරු වාර්තාවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම තත්ත්වය වළක්වාගැනීම සඳහා සියලූ අලෙවිකරුවන් නියමිත මිලට පමණක් පොහොර අලෙවි කිරීමට දැනුවත් කරන ලෙස ප්‍රධාන අනයනකරුවන් වෙත දැනුම්දී ඇති බවත් පොහොර හිඟයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේද සහය ලබාගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post