පසුගියදා පොලිස් නිලධාරියෙක් විසින් ඝාතනය කෙරුණු ඇමෙරිකානු කළු ජාතික ෆ්ලොයිඩ් කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
මෙම කළු ජාතිකයා අමානුෂිය ලෙස පොලිස් නිලධාරියෙක් විසින් ඝාතනය කෙරුනේ ඇමෙරිකාවේ මිනෙසොට්හි දීය. නිරායුධව පොලිස් අත් අඩංගුවට පත් මෙම පුද්ගලයාව ගෙල සිරකර මරා දමන ආකාරය දැක්වෙන ජායා රූප පෙළක් මාධ්‍ය උපුටා දක්වන අතර මේ හේතුවෙන් එරට වැසියන් වීදි බැස එම අමනුෂිය ඝාතනයට සිය විරෝධය පල කරනවා.
ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකම මෙම විරෝධතා දියත් වන අතර ධවල මන්දිරය ඉදිරිපිටද පසුගියදා සිදු වූ විරෝධතා හේතුවෙන් ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැගවීමටද සිදු වුණා.
කෙසේ වෙතත් ඇමෙරිකානු කළු ජාතික ෆ්ලොයිඩ්ට සාධාරණයක් සිදු කරන ලෙස එරට විරෝධතා කරුවන් නිතිය හමුවේ ඉල්ලා සිටිනවා.