News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

ජනපති ගෝඨාභයට සහය දීමට හිටපු ජනපති මෛත්‍රී තීරණය කරයි

585 Views


ජනපති ගෝඨාභයට සහය දීමට හිටපු ජනපති මෛත්‍රී තීරණය කරයි

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කලේ කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත්
පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි.

මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වෙනස් කර අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති නම් ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් වැඩ කළ නොහැකි බවයි.

සමහරු ජනාධිපතිට ඕනෑ තරම් බලතල ඇති නිසා ඕනෑ දෙයක් කළ හැකි යැයි සිතන්නේ නොදැනුවත් කම නිසා බවත් පැවසු හිටපු ජනපතිවරයා, ජනාධිපතිරයෙකුට වැඩ කිරීමට තමන්ට එකඟ වෙන බහුතරයක් අවශ්‍ය බවත් කියා සිටියා.

සමෘද්ධිමත් රටක් ඇති කර ශක්තිමත් රටක් ගොඩ නැඟීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තමා තීරණය කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post