News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

මුලතිව් මුහුදෙන් හමුවුනේ මිල කල නොහැකි හක් ගෙඩියක්ද? (PHOTOS)

763 Views


මුලතිව් මුහුදෙන් හමුවුනේ මිල කල නොහැකි හක් ගෙඩියක්ද? (PHOTOS)

මීට මාස හයකට කළින් ඉඳල අවස්‌ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්‌වභාවය වෙනස්‌ බවත්, ජල මට්‌ටම අඩි පහකින් විතර ඉහළ ඉහළ ගිහින් කියලත් සැරින් සැරේට තොරතුරු වාර්තා වුනා. ඒ වගේම මුලතිව් මුහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්‌කම් ගැන අධ්‍යයනය කරල පරීක්‌ෂණයක්‌ පවත්වන්න ඇමරිකානු විශේෂඥයෝ පිරිසකුත් පසුගිය දවස්වල මුලතිව් ප්‍රදේශයට ආවා.

ඒ අතරේ මුලතිව් පළාතේ ධීවරයින් දෙන්නෙක්ට අමුතුම ආකාරයේ මුහුදු හක් ගෙඩියක් හම්බවෙලා තියෙනවා. මෙම හක් ගෙඩිය එක පැත්තකින් බැලුවම වට්ටක්කා ගෙඩියක් වගේ පේනවා. ඒ වගේම තවත් පැත්තකින් බැලුවම කුරුල්ලේක් වගේ පේනවා කියලයි මේ ධීවරයෝ දෙන්නා කියන්නේ.

සමහරචිට මේ හක් ගෙඩිය ඉතා දුර්ලභ එකක් බවත්, මිල කළ නොහැකි හක්ගෙඩියක් වෙයි කියලත් මේ දෙන්නා විශ්වාස කරනවා. කොහොම වුනත් මේ ධීවරයින් දෙන්නා තමන්ට ලැබුන හක් ගෙඩිය වැඩි දුර පරීක්ෂණ වලට මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දීල තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post