News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක මැණික් ගැරූ 04 ක් අල්ලයි

702 Views


කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක මැණික් ගැරූ 04 ක් අල්ලයි

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් ඊයේ රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොට්රි වතුයාය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින පොට්රි ඇළේ එල්බොඩ වත්ත ප්‍රදේශයෙන් එම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුගේ නිල නිවස අසල ඇළ මාර්ගයේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇළ මාර්ගයේ පතුලේ ඉල්ලම් ගොඩගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post