News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

537 Views


නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් පැමිණ තිබුණා.

මෙයින් පළමු ගුවන් යානය ඩුබායි සිට පැමිණි යූ.එල්.- 226 දරන වන අතර, අනෙක අබුඩාබි සිට පැමිණි යූ.එල්. – 208 දරන ගුවන් යානයයි.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි 40 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

මොවුන් විසින් මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන දුම්වැටි වර්ග 4 කට අයත්, රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා, දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු 08 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු නිළධාරීන් විසින් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post