News Line| Off Air| Games
Generic placeholder image

Dec
9

රුසියාවට වසර හතරක ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්

931 Views


රුසියාවට වසර හතරක ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්

ජාත්‍යන්තර ක්‍රීඩා තරඟමාලාවලට සහභාගී වීම වළක්වාලමින් රුසියාවට තවත් වසර හතරක තහනමක් පැනවීමට ලෝක තහනම් උත්තේජන මර්ධන ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම තහනම පනවා ඇත්තේ රුසියානු තහනම් උත්තේජන මර්ධන ආයතනය සිදු කළ පරීක්ෂණවල සත්‍ය පිටපත් ලබා දීමට අපොහොසත්වීමේ චෝදනා යටතේයි.

එබැවින් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට මෙන්ම 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට රුසියානු ධජය යටතේ සහභාගී වීමට එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර හිමි වන්නේ නැහැ.

එහෙත් තහනම් උත්තේජන චෝදනා එල්ල වී නොමැති රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වාධිනව මෙම තරඟවලට සහභාගී විය හැකි බව ලෝක තහනම් උත්තේජන මර්ධන ආයතනය සඳහන් කරනවා.

රාජ්‍ය අනුග්‍රහය යටතේම ඇතැම් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජන භාවිත කරන බව හෙළිවීමෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් මෙම විමර්ෂණ ආරම්භ කෙරුණා.

එහි ප්‍රථිපල පදනම් කර ගෙන මීට පෙරද රුසියාවට එරෙහිව මෙලෙස ජාත්‍යන්තර තරඟ තහනම් පනවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post