News Line| Off Air| Games
Generic placeholder image

Sep
11

හැම මාසයකම 10 වෙනිදට ඉන්ධන මිලට සිද්ධ වෙන දේ මෙන්න.

991 Views


හැම මාසයකම 10 වෙනිදට ඉන්ධන මිලට සිද්ධ වෙන දේ මෙන්න.

ඉන්ධන මිල ආයෙත් ඉහළ යන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපි ඔබට කිවුවේ ඊයේ දවල්. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ රැස් වෙන්න නියමිත නිසයි එහෙම සැකයක් පහල වූණේ. ඒ කොහොම වුණත් මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැම්මා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 වර්ගයේ සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149.00යි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161.00 ක් වෙනවා. ඉන්ධන මිල සුත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ඉහළ දමා තිබෙනවා.

රුපියල් 130.00 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133.00 යි. ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 5.00 කින්. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක් වන බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.

සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහි දී ඉන්ධන මිල වැඩි වනවා ද නැද්ද යන්න තීරණය කරනු ඇති. මේ අතර ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක්, යුරෝ ෆෝ වර්ගයේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133.00 ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150.00 ක් සහ ඔක්ටේන් 95 යුරෝපා ෆෝ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164.00 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post