News Line| Off Air| Games
Generic placeholder image

Jun
17

ඥාණසාර හිමිගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක්.

605 Views


ඥාණසාර හිමිගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක්.

සන්ධ්‍ය එක්නැලිගොඩට තර්ජනය වරදට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරා. ඒ මාස 6 කට සහිතව. මේ නිසා උන්වහන්සේට සිවුරු ඉවත් කරලා සිරකරුවන්ගේ ඇඳුම අඳින්න සිද්ධ වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ නිසා ඥාණසාර හිමිගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක් තියෙනවා කියලා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේගේ භික්ෂූත්වය රැකගන්න මහනායක හිමිවරුන් මැදිහත් වෙන්න ඕන කියලා අභයතිස්ස හිමියන් ප්‍රකාශ කරනවා.

මේ ගැන අද (17) දිනයේ මහ නා හිමිවරුන් දැනුවත් කිරීමට සංවිධාන කිහිපයක් කටයුතු යොදලා තියෙනවා. ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ පොත් කියවීමට වැඩි වේලාවක් වෙන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ ආගමික වතාවත්වල නිරත වෙලා තියෙනවා.

එම වාට්ටුවේ රඳවා සිටින අනෙක් සිරකරුවන්ට උන්වහන්සේ විසින් ඊයේ රාති‍්‍රයේ ධර්ම දේශණාවක්ද පවත්වලා තියෙනවා. තමන් වහන්සේ බැලීම සදහා කිසිවෙකුටත් නොපැමිණෙන ලෙසට උන්වහන්සේ බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබුණා.

ජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ දෙපාවල හට ගෙන ඇති රෝගී තත්ත්වයටද ප‍්‍රතිකාර සිදුකරන්නේ උන්වහන්සේ සමග ආර් වාට්ටුවේ රදවා සිටින සිරකරුවන් බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post