News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

මම තාම නීතියෙන් දික්කසාද වෙලා නෑ – වොල්ගා කල්පනී

1970 Views


මම තාම නීතියෙන් දික්කසාද වෙලා නෑ – වොල්ගා කල්පනී

අද කතා බහ හැමෝම ආදරේ කරන හුරුබුහුටි නිළි වොල්ගා කල්පනී එක්කයි.

වොල්ගා මොකද මේ දවස් වල කරන්නෙ?

විශේෂ දෙයක් නම් නෑ. සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා.

අලුත් නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැද්ද?

සම්බන්ධ වෙලා ඉන්නෙ

වොල්ගා ලිමිට් කරලද නිර්මාණ තෝරගන්නෙ?

මම කාර්යබහුල කෙනෙක් නෙවෙයි. නිදසේ වැඩ ටික කරගන්නවා.

රඟපාන්න ආස චරිත තියෙනවද?

ඔව් එක චරිතයක් තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනෙක්ගෙ චරිතයක්. මට ඒකට අවස්ථාවක් ලැබුණා.

ඇයි ඒ වගේ චරිතයක් බලාපොරොත්තු වෙන්නෙ?

මම බලපු ෆිල්ම් එකක මට ඒ වගේ චරිතයක් දැකගන්න ලැබුණා. ඒකේ රඟපාන්නෙ ප්‍රියංකා චොප්රා.

වොල්ගට ක්ෂේත්‍රයෙ ප්‍රවීණයො එක්ක රඟපාන්න ලැබුණ අවස්ථා වැඩියි.මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඒක මට ලැබුණ වාසනාවක්. ආපු පළවෙනි දවසෙ ඉඳලා මට එහෙම ප්‍රවීණයො එක්ක රඟපාන්න අවස්ථා ලැබෙනවා. එයාලා මට හරි ආඅදරෙයි. ඉගෙනගන්න දේවල් ගොඩක් දේවල් ඒ අය ලග තියෙනවා.

ජීවිතේ ගත්ත තීරණ ගැන මොකද හිතෙන්නෙ?

කිසිම දේකට පසුතැවෙන්නෙ නෑ.

ඒ කියන්නෙ පසුතැවෙන තීරණ අරගෙනම නැද්ද?

නෑ.කවදාවත් නෑ

දුකක් දැනුණම වොල්ගා මොකද කරන්නෙ?

සාමාන්‍ය දුකක් නම් ටිකක් කේන්ති අරගෙන අඬලා අමතක කරනවා. ලොකු දුකක් වුණොත් ඒක මම කාටවත් පෙන්නන්නෙ නැතුව විඳගෙන අඬලා හරි ජීවත් වෙනවා.

වොල්ගා හර්ෂණගෙන් වෙන්වෙලා කියලා කතාවක් යනවා. ඇත්තද ඒක?

මම දන්නෙ නෑ මේ වගේ කතා හැදෙන්නෙ කොහොමද කියලා. අපි නම් නීතියෙන් දික්කසාද වෙලා නැහැ.

ඔයාගෙ හුරුබුහුටි පෙනුම වාසියක්ද ? අවාසියක්ද?

මේක මට හැමවෙලේම ලොකු වාසියක්.

ජීවිතේ වෙනස් කරගන්න කැමති තැන මොකක්ද?

එහෙම තැන් මගේ ජීවිතයෙ නෑ.

රංගපෑම ඔයා බලාපොරොත්තු වුණ වෘත්තියද?

ඔව් අනිවාර්යෙන්ම

මොනාද අනාගත බලාපොරොත්තු?

හොද පැවැත්මක් හදාගන්න එක තමයි.පවුලෙ අයවත් බලාගෙන හොදින් ඉන්න බලාපොරොත්තු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post