News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

ගාල්ල ක්‍රීඩාංගනය ගැන රජයේ අවසන් තීන්දුව මෙන්න.

1444 Views


ගාල්ල ක්‍රීඩාංගනය ගැන රජයේ අවසන් තීන්දුව මෙන්න.

ගාල්ලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වාසනාවක් අරගෙන ආව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන ලොකු සංවාදයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ ගැන අදහස් දක්වලා තියෙනවා.

අද පාර්ලිමේන්තුවේදීත් මේ ගැන කතා බහක් ඇති වුණා. තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කිව්වේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කරන්නේ නෑ කියලා. ඒ වෙනුවට අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරනවා කියලා.

“අපි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ඉවත්කරන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ගොඩනැගිල්ලක් දෙකක් පිළිබඳව පමණයි. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කළා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකිරිම සඳහා කොග්ගල ප්‍රදේශයේ ඉඩමක් හඳුනාගත්තා කියල ඒ සැලැස්ම අපි අත්හැරලා නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ඉතා උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතිකරනවා.” කියලා සාගල රත්නායක අමාත්‍යවරයා සඳහන් කරා.

“මේ ගාල්ල නගරයේ මැද තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කරන්න කිසිලෙසකත් කටයුතු කරන්නේ නැහැ. එය තවදුරටත් දියුණු කරන්නත් කටයුතු කරනවා. අවශ්‍ය අවස්ථාව වලදී පාසල් ක්‍රිකට් තරඟ සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමට ලබා දෙනවා.” කියලයි එතුමා වැඩිදුරටත් සඳහන් කරේ.

ඒ වගේම ගාලු ක්‍රීඩාංගනයේ අවශ්‍ය වෙලාවට ඉවත් කරන්න පුළුවන් නැරඹුම් පහසුකම් හදනවා කියලත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post