දවස් 10 ක් පුරා නුවරඑළියේ පැවැත්වෙන Grand Strawberry Fest 2018 දෙවෙනි දවස තමයි අද. ඉතින් අද දවසේ මේ උසත්සවයට සමගාමීව විශේෂ කාරණා රැසක් සිද්ධ වෙනවා. අද උදෑසන විශේෂ බස් රථයක් Grand හෝටලයෙන් පිටත් වුනා නුවර එළිය නගරයට. ඒ විශේෂිත බස් රථයේ තිබුණේ ස්ට්‍රෝබෙරි යොදාගෙන හදපු විශේෂ කෑම වර්ග. ඊයේ හදපු ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එකේ කුඩා ප්‍රමාණයේ පීසා, ස්ට්‍රෝබෙරි Hot Dog වගේ එකී නොකී කෑම වර්ග 10 ක් විතර මේ බස් රථයේ තියෙනවා. අද හවස 6 වෙනකන් නුවරඑළිය නගරය පුරා මේ බස් රථය ධාවනය වෙනවා. නගරය තුළ ඕනෑම ස්ථානයකදී මේ බස් රථයට ගොඩවෙලා ඔබට මේ කෑම වල රස බලන්නත් පුළුවන්.
මේ තියෙනේ ඒ බස්රථය නුවරඑළිය නගරයේ සංචාරය කරපු Video එක.
Grand Strawberry Fest 2018 – ජංගම බස් රථයේ සිට සජීවී තොරතුරු
Grand Strawberry Fest 2018 – ජංගම බස් රථයේ සිට සජීවී තොරතුරු | www.siyathafm.lk#GrandStrawberryFest2018 #GrandHotelNuwaraeliya
Posted by Siyatha FM on Friday, 17 August 2018
නුවරඑළියේ පැවැත්වෙන Grand Strawberry Fest 2018 උත්සවයේ විශේෂ තරඟයක් අද හවස 3:30 ට Grand හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ තමයි Strawberry Cream Eating තරඟය. නමේ හැටියට නම් අලුත් තරඟයක්. ඔව්…ඔබට මේ තරඟය මොකක්ද කියල දැනගෙන, ඒකට සහභාගිවෙන්න එන්න කියල ආරාධනය කරන්න අපි කැමතියි. අද හවස 3:30 වෙද්දී අවොත් ඔබට මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි අද රෑ 8.30 වෙනකන් නුවරඑළිය Grand හෝටලයට ආවොත් ස්ට්‍රෝබෙරි යොදාගෙන කරපු එක එක ජාතියේ කෑම වර්ග 50 ක විතර රස බලන්නත් අවස්ථාව තියෙනවා.
ඒ වගේම හෙට දවසේ මේ Grand Strawberry Fest 2018 වෙනුවෙන් සුවිශේෂී කාරණයක් සිද්ධ වෙනවා. ඒ තමයි නුවර එළිය නගරයේ අඩු පහසුකම් ඇති ළමා නිවාසයක් වැඩි දියුණු කරන්න ආධාර එකතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන පා ගමන. හෙට උදැසන 8:30 ට නුවර එළිය Grand හෝටලය අසලින් මේ පා ගමන ආරම්භ වෙනවා. සමාජ සත්කාරක කටයුතු වලට කැමැත්තක් දක්වන ඔබටත් මේ වැඩේට හෙට සහභාගී වෙන්න එන්න කියලා සියතේ අපි ඔබට ආරාධනා කරනවා.