News Line| Off Air| Games
Generic placeholder image

Dec
2

හැරී පෝටර්ගේ විස්මිත තොප්පිය නිපදවූ ජපුර සිසුන්ට ලෝකයෙන්ම පළමු තැන

8720 Views


හැරී පෝටර්ගේ විස්මිත තොප්පිය නිපදවූ ජපුර සිසුන්ට ලෝකයෙන්ම පළමු තැන

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන්.

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා.

මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට, තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා.

ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳි ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ. ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි. අකමැතියි.

එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය වැළඳී ඇත්ද නැද්ද යන්න මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා.

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් මෙම තොප්පිය පැළඳීමෙන් ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා.

මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ, මැඩ්රීඩ් නුවර පැවති අතර එම සියලුම සිසුන් ඉදිරිපත් කළ නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ හැරී පෝටර් තොප්පිය මෙම ජයග්‍රහණය දිනාගත්තා.

සිසුන් පිරිස මෙම ජයග්‍රහණයද රැගෙන 12/01 දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන්ද ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post