News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

හුස්ම ගත්ත වසර 03 ක් වෙනුවෙන් අගමැතිගෙන් ගෙවල් 404 ක්. – Photo

900 Views


හුස්ම ගත්ත වසර 03 ක් වෙනුවෙන් අගමැතිගෙන් ගෙවල් 404 ක්. – Photo

හුස්ම ගත්ත වසර 03 ක් යන තේමාව යටතේ වත්මන් ආණ්ඩුවේ තුන්වන සංවත්සරය අද සිට ලබන 21 වනදා දක්වා සැමරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිමිත්තෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

නිවාස හිමිකම් නොමැති දුගී ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ වැඩසටහන යටතේ අද නිවාස 404 ක් නුවරඑළිය පූඩලූඔය ඩන්සින් වතුයායේදී සිදු කෙරුනා.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගම්බරම් මැතිතුමා, ගයන්ත කරුණාතිලක මැතිතුමා, රාවුෆ් හකීම් මැතිතුමා, ඉන්දීය මහකොමසාරිස් වරයා ඇතුළු රජයේ මැති ඇමතිවරු රැසක් මෙම උත්සවයට සහභාගී වී සිටිනවා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතින් මෙම නිවාස සංකීර්ණයේ සමරු ඵලකය විවෘත කෙරුනා. ඒ වගේම සංකේතකාත්මක වශයෙන් නිවසක් යතුරු භාරදීම කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගම්බරම් මැතිතුමා අතින් සිදුකෙරුණා.

ඉන්දියාවේ ආධාර යටතේ අද දවසේ ජනතා අයිතියට පත් කෙරුනු මෙම එක නිවාසයක කාමර 02 ක්, මුලුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් සහ සනීපාරක්ෂක පහසුකම් සහ විදුලිය සහිතයි. මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් 07ක්. මේ ගම්මානය නම් කරල තියෙන්නෙ `මහත්මා ගාන්ධි පුරම්´ ලෙසින්.

එමෙන්ම මෙම නිවාස 404 හි අයිතිය ජනතාවට ලබාදීමේ උත්සයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදී මහතාගේ සුභපැතුම් පණිවිඩයක් ද එක් කෙරුනා.

සියත 24 ප්‍රවෘත්ති වෙනුවෙන් මම චාමර නුවන් , නුවරඑළිය පූඩලු ඔය, ඩන්සින් වතුයායේ සිට.


News Articles
Latest Videos
Most Popular Post