News Line| Off Air| Games
Generic placeholder image

Apr
22

“මුහුදු රළ මීටර් 3 ක් දක්වා ඉහළ යා හැකියි.” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

887 Views


“මුහුදු රළ මීටර් 3 ක් දක්වා ඉහළ යා හැකියි.” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

මේ දවස්වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ බයක් ඇතිකර ගන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නෙවෙයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ.

ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. නමුත් දිවයිනට බස්නාහිර, දකුණ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ අනිද්දා උදේ 8.00 වෙනකන් රළු විය හැකියි. ඒ වගේම මුහුදු රළ මීටර් 03 ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරා.

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව ප්‍රදේශ වලත් ගාලාල් සහ මාතර ප්‍රදේශවලත් සවස 2 න පසුව වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවෙන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.


News Articles
Latest Videos
Most Popular Post