News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

දැවැන්ත අයිස් කුට්ටියක් ග්‍රීන්ලන්තය යට කරන්න හදයි. – Photo

1020 Views


දැවැන්ත අයිස් කුට්ටියක් ග්‍රීන්ලන්තය යට කරන්න හදයි. – Photo

දැවැන්ත අයිස් කුට්ටියක් නිසා ග්‍රීන්ලන්තයේ ගමක් යට වීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළ ආසන්නයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන වලට ඉවත් කරලා තියෙනවා.

මේ විශාල අයිස් කුට්ටිය මීටර් 100 ක් පමණ උසයි. අයිස් කුට්ටියේ පැලීම් දකින්න තියෙනවා කියලයි ග්‍රීන්ලන්තයේ බලධාරීන් සඳහන් කරන්නේ. ඒ නිසා කොයි වෙලාවේ හරි මේ දැවැන්ත අයිස් කුට්ටිය පුපුරන්න ඉඩ තියෙනවා.

එහෙම වුනොත් අයිස් කුට්ටි කඩන වැටිලා සුනාමි තත්වයක් වුනත් ඇති වෙන්න පුළුවන් කියලා බලධාරීන් සඳහන් කරනවා. ග්‍රීන්ලන්තයට පාවෙලා ආව විශාලම අයිස් කුට්ටිය විදියටයි මේක සැලකෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post