News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

ලියනාඩෝ මෙසීට බැන්නට සැමියා බිරිඳව දික්කසාද කරයි.

644 Views


ලියනාඩෝ මෙසීට බැන්නට සැමියා බිරිඳව දික්කසාද කරයි.

මේ ගෙවෙන්නේ පාපන්දු උමතුව ලෝකයම වෙලා ගත්තා කාලයක්. සමහරුන්ට තමන්ගේ බිරිඳටත් වඩා පාපන්දු වටිනවා කිව්වත් වැරද්දක් නෑ. පාපන්දු නිසා බිරිඳව දික්කසාද කල පුවතක් රුසියාවෙන් වාර්තා වෙනවා.

Arsen සහ Lyudmila හමුවෙන්නෙත් රුසියාවේ Chelyabinsk හි ක්‍රීඩා සමාජ ශාලාවකදී පාපන්දු තරඟයක් නරඹන අතරතුරදී. ඒ මීට අවුරුදු 16 කට කලින්. අවුරුදු 2 ක් ප්‍රේමයකින් පස්සේ ඔවුන් දෙන්න විවාහ වෙලා. හැබැයි දෙන්නටම ජීවිතයේ වැදගත්ම දේ වෙලා තියෙන්නේ පාපන්දු.

සැමියා බාසිලෝනා කණ්ඩායමේ සහ ලයනල් මෙසීගේ ලොකු රසිකයෙක්. හැබැයි බිරිඳ නම් රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ සහ රොනල්ඩෝගේ රසිකාවියක්. මෙවර පාපන්දු ලෝක කුසලානය නරඹද්දී බිරිඳ මෙසීගේ ක්‍රීඩා විලාශය වැඩිව විවේචනය කරලා. ඒ විතරක් නෙවෙයි සැමියත් ඒ ගැන කියලා විහිළු කරලා.

මෙසීට බැනපු එක ඉවසන්න බැරි වුන සැමියා අවුරුදු 14 ක් පවුල් කෑව බිරිඳව දික්කසාද කරලා.


News Articles
Latest Videos
Most Popular Post