ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් දෑස් දල්වාගෙන බලා සිටින ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යයේ කාල සටහන අද නිකුත් වුණා. රටවල් 10 ක් තරඟ වදින 2019 ක්‍රිකට් ලෝක කුසලානය මෙවර පැවැත් වෙන්නේ එංගලන්තයේ. මැයි 30 ඉඳලා ජූලි 14 අතරතුර කාලයේදී ලෝක ක්‍රිකට් සංග්‍රාමය පැවැත්වෙනවා.
මේ පාර තරඟාවලිය තරඟ 48 කින් සමන්විතයි. හෙට දවසේදී තමයි ICC ය 2019 ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් කරන්න නියමිත. හැබැයි මේ වෙද්දී එ් නිල කාල සටහන සියත 24 වෙත ලැබිලා තියෙනවා.
ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය මේ වෙද්දී ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබලා තියෙනවා. 2017 සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වෙද්දී ICC ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථාන 8 හිමි කර ගත්ත කණ්ඩායම් තමයි එ් විදිහට සුදුසුකම් ලබලා තියෙන්නේ. එ් වගේම පහුගිය මාර්තු මාසයේ පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අැෆ්ගනිස්ථානය ලෝක කුසලානයට සුදුසුකම් ලබාගෙන තියෙනවා.
ඒ අනුව මේ පාර ලෝක කුසලාන තරඟාවලියේ පළමු වටයේදී සියලු කණ්ඩායම් තමන්ගේ ප්‍රතිවාදී රටවල් 9 සමග තරඟ කළ යුතුයි. එම තරඟ වටයෙන් පස්සේ ප්‍රසාද ලකුණු සටහනේ උඩින්ම ඉන්න කණ්ඩායම් 4 අතර පරාජිතයන් පිටුදකින අවසන් පූර්ව තරඟ වටය පැවැත්වෙනවා. එම තරඟ දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ජූලි 14 අවසන් මහා තරඟය සදහා සහභාගී වෙනවා. වෙනදා මෙන් පළමු වටයේදී රටවල් කණ්ඩායම් වලට බෙදා තරඟ පැවැත්වීම මෙන්ම අර්ධ අවසන් පූර්ව වටය නොහොත් Super 8 හෝ super 6 වැනි තරඟ වටයක් පැවැත්වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ 2019 ලෝක කුසලානයේ තරඟ කාල සටහන