News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

ICC ය ආයෙත් චන්දිමාල්ට දඩුවම් කරයි. හතුරුසිංහට සහ ගුරුසිංහටත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය තහනම් වෙයි. – Exclusive

1164 Views


ICC ය ආයෙත් චන්දිමාල්ට දඩුවම් කරයි. හතුරුසිංහට සහ ගුරුසිංහටත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය තහනම් වෙයි. – Exclusive

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟයේදී මතබේදාත්මක තත්වයක් ඇති වුණා. ඒ ලංකාව පන්දුව පළුදු කරා කියලා විනිසුරුවන් චෝදනා කරපු නිසා. මේකට විරෝධය පල කරපු ලංකාව ක්‍රීඩා නොකර පිටියෙන් ඉවත් වුණා.

මේ නිසා නායක චන්දිමාල්ට, ප‍්‍රධාන පුුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව ICC ය පරීක්ෂණයක් පැවැත්වුවා. Skype තාක්ෂණය ඔස්සේ තමයි මේ පරීක්ෂණය පවත්වලා තිබ්බේ. මේ පරීක්ෂණයට අනුව වැරදිකරුවන් වුන ඔවුන්ට ICC ය ඊයේ දඬුවම් නියම කරා.

ඒ අනුව චන්දිමාල්ට, හතුරුට සහ ගුරුසිංහට ටෙස්ට් තරග 02 ක තහනමක් පනවා තිබෙනවා. ඒ නිසා දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලිය ඔවුන්ට අහිමි වෙනවා.

ඒ අනුව අද ගාල්ලේ දී ආරම්භ වෙන තරඟය මෙහෙයවීමේ වගකීම සුරංග ලක්මාල්ට බාර දීලා තියෙනවා. දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියටම සුරංග ලක්මාල් නායකත්වය ලබා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post