News Line| Off Air| Games
Generic placeholder image

Oct
18

ඉමිතියාස් කාදර්ගේ නිවසින් හමුවුන අවි ගබඩාව මෙන්න. – Photo

2226 Views


ඉමිතියාස් කාදර්ගේ නිවසින් හමුවුන අවි ගබඩාව මෙන්න. – Photo

මාවනැල්ලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ, කෑගල්ල ඇල්බට් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයා ගැනීම නිසා.

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව අද (18) උදෑසන ඔහුගේ නිවස වටලලා තියෙනවා. එහිදී MP5 ගිනිඅවියක්, T56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තියෙනවා. එම ගිනි අවි සඳහා යොදාගන්නා පතුරම් තොගයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට අර ගත්තා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post