News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

ඉන්දියාව ඇමරිකාවට එරෙහි වෙයි

750 Views


ඉන්දියාව ඇමරිකාවට එරෙහි වෙයි

තමන්ගේ එස්. 400 මිසයිල පද්ධතිය ඉන්දියාවට විකිණීමට ගිවිසුවමක් අත්සන් කරා කියලා රුසියාව කියනවා. මේ දෙගොල්ලො මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ ඇමරිකවේ සම්බාධක පනවන බවට වූ තර්ජන එල්ල වෙලා තියෙන අතරතුරේදීයි.

මේ ගිවිසුම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වෙනවා. ඉන්දීය අගමැති මූදි සහ රුසියානු ජනාධිපති පුටින් ඉදිරියේදී දිල්ලියේදී මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. රුසියාව එක්ක වෙළඳ ගනුදෙනු කරන රටවල් වලට සම්බාධක පනවනවා කියලා ඇමරිකාව කලින්ම අනතුරු අඟවලා තිබුණා. ඒ අනතුරු ඇගවීමට හේතුව තමයි රුසියාව යුක්‍රේනයට අයිති ක්‍රිමියාව පවරා ගැනීම සහ 2016 දි එක්සත් ජනපද ජනාධිපතිවරණයට ඇඟිලි ගැසීමයි.

ඒත් චීනයට විරුද්ධව තමන්ගෙ බලය නවීකරණය කර ගන්න ඉන්දියාව බලාපොරොත්තු වෙලා තියෙන්නෙ ඇමරිකාව ඉන්දියාවට විශේෂ සහනයක් දෙයි කියලයි.

ඒ වගේම ඇමරිකාවෙ තහනම බිඳගෙන ඉන්දියාව ඉරානයෙන් තෙල් මිලදී ගන්න තීරණය කරලා තියෙනවා. නොවැම්බර් 4 දා ඉදලා මේ තහනම ක්‍රියාත්මක වෙනවා. ඉන්දීය තෙල් සමාගම සහ බැන්ග්ලෝර් තෙල් පිරිපහදුව කියන සමාගම් මේ වෙනකොට තෙල් තොග දෙකක් ඇණවුම් කර තියෙනවා. ඉන්දියාවේ මේ තීරණය ගැන ඇමරිකාව තාම ප්‍රතිචාර දක්වලා නැහැ.


News Articles
Latest Videos
Most Popular Post