News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතර කරමින් ඉන්දියාව අවසන් පන්දුවේදී නිදහස දිනා ගනී.

449 Views


ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතර කරමින් ඉන්දියාව අවසන් පන්දුවේදී නිදහස දිනා ගනී.

ඉතිහාසයේ පළවෙනි වරට ශ්‍රී ලංකා ක්රිකට ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය, සහයෝගය මැද්දේ ඉන්දියාව අවසන් මහා තරඟයක් ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ඉන්දියාව සහ බංගලාදේශය ඊයේ ප්‍රේමදාස පිටියේදී සටන් වැදුණා. තියුණු තරඟයකින් පස්සේ අවසන් පන්දුවේදී දැවැන්ත 6 පහරකින් තරඟය ජයග්‍රහණය කරන්න සමත් වුණා.

අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දියාව. ඉන්දීය නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න බංගලාදේශයට ආරාධනා කරා. බංගලාදේශයේ පළවෙනි කඩුලු 3 ලකුණු 33 කට බිඳ වැටුණා. තමීම් ලකුණු 15 යි. මහමදුල්ලා ලකුණු 21 යි. බිඳ වැටෙමින් තිබ්බ බංගලි ඉනිම ඔසවා තියන්න සබීර් රහමන් සමත් වුණා. ඔහුගේ ඉනිම 4 පහර 7කින් සහ 6 පහර 4 කින් වර්ණවත් වුනා.

බංගලි පිතිකරුවන් අසරණ කරන්න චහල්ට පුළුවන් වුණා. ඔහු කඩුලු 3 ක් දවා ගත්තා. ජයදේව් කදුලු 2 ක් දවා ගත්තා. බංගලාදේශ පිතිකරුවන් දෙන්නෙක්ම දුවද්දී දැවියාම් වලට හසුවුණා. පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් විතරයි බංගලාදේශයට ලබා ගන්න පුළුවන් වුණේ.

පහසු ඉලක්කයක් වුනත් බංගලි පන්දු යවන්නන් හමුවේ ඉන්දියාවට ලකුණු ලබා ගැනීම ලේසි වුණේ නෑ. ධවාන් ලකුණු 10 කට දැවී ගියා. ලෝකේශ් රාහුල් ලකුණු 24 යි. මනිෂ් පාන්ඩේ ලකුණු 28 යි. ඉන්දීය ඉනිමේ කොඳුනාරටිය වුණේ නායක ෂර්මා. ඔහුගේ අගනා පහරවල් වලින් ලකුණු 56 ක් ලබා ගත්තා,

අවසන් පන්දුවාර කිහිපය වෙද්දී නැවතත් තරඟය තමන්ගේ දෙසට හරවා ගන්න බංගලි පන්දු යවන්නන් සමත් වුණා. අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවත් පලවෙනි වතාවට ඉන්දියාව වෙනුවෙන් නතර වුණා. අන්තිම පන්දුවට ලකුණු 5 ක් අවශ්‍ය වුණා. දිනේෂ් කාර්තික්ගේ දැවැන්ත 6 පහර ඉන්දියාවට ජයග්‍රහණය අරගෙන ආවා.

ඉන්දියාවේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වුන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාරය ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලානය ලබා ගත්තා. තරඟයේ වීරයා දිනේෂ් කාර්තික්. තරඟාවලියේ වීරයා වුණේ වොෂින්ටන් සුන්දර්. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණේ කුසල් ජනිත්. ඔහු ලකුණු 204 ක් තරඟාවලියේදී ලබා ගත්තා. කඩුලු 8 ක් දවා ගත්ත වොෂින්ටන් වැඩිම කඩුලු ලාභියා වුණා,

සුපුරුදු පරිදි වාර්තා රැසක් නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදීත් අලුත් වුණා.

* T20 තරඟ වලදී කණ්ඩායමකට එරෙහිව ලබා ගත්ත දෙවෙනි වැඩිම ජයග්‍රහණ ගණන වාර්තා කරන්න ඉන්දිආව සමත් වුණා. ඒ බංගලාදේශයට එරෙහිව තරඟ 8 ක් ජයග්‍රහණය කරලා.

* T20 තරඟයකදී අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා 6 පහරක් එල්ල කළ 5 වෙනි අවසතාව විදියට ඊයේ තරඟය ඉතිහාසගත වුණා.

* ඉන්දියාව අවසන් පන්දුවේදී T20 තරඟයක් ජයග්‍රහණය කළ 2 වෙනි අවස්තාව.

* නව යොවුන් වියේ ක්‍රීඩකයෙක් තරඟාවලියේ විරය වුන තුන්වෙනියා විදියට වොෂින්ටන් වාර්තා අතරට ගියා.


News Articles
Latest Videos
Most Popular Post