News Line| Off Air| Games
Generic placeholder image

May
21

මහේලගේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යයි. IPL අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබපු කණ්ඩායම් 4 මෙන්න.

945 Views


මහේලගේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යයි. IPL අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබපු කණ්ඩායම් 4 මෙන්න.

IPL ක්‍රිකට් සැණකෙළියේ කණ්ඩායම් 4 කගේ ඉරණම මේ වෙද්දී විසදිලා තියෙන්නේ. තවත් කණ්ඩායම් 4 ක් තමන්ගේ සිහිනය වෙනුවෙන් සටන් වදින්න නියමිතයි. මේ වෙද්දී අවසන් පූර්ව තරඟවලට කණ්ඩායම් 4 ක් සුදුසුකම් ලබලා තියෙන්නේ.

ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලැබුන අවසන් අවස්ථාවත් ඔවුන්ගෙන් ගිලිහුනා. ඒ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම එක්ක තිබ්බ තරඟය පරාජය වුන නිසා. මුලින්ම පන්දුවට පහර දුන්න දිල්ලි පිතිකරුවන් ලකුණු 174 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු මුම්බායි ක්‍රීඩකයින්ට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 163 ක් විතරයි.

මුම්බායි කණ්ඩායමේ පරාජයත් එක්ක රාජස්ථාන් රෝයල් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. IPL තරඟාවලියේ මුලින්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම. මේ වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්නේ ඔවුන්.

පන්ජාබ් කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම අතර ඊයේ තිබ්බ තරඟයෙන් චෙන්නායි කණ්ඩායම ජය ලබා ගත්තා. හැබැයි කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගෙන තියෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ 1 වන ස්ථානය ලබා ගත්ත සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ 2 වන ස්ථාන දිනා ගත්ත චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 23 වෙනිදා පළවෙනි අවසන් පූර්ව තරඟයේ සටන් වදිනවා. ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම කෙලින්ම අවසන් තරඟයට සුදුසුකම් ලබනවා. පරාජය වෙන කණ්ඩායම දෙවෙනි අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබනවා.

ප්‍රසාද ලකුණු සටහනේ 3 වන සහ 4 වන ස්ථාන ලබා ගෙන ඉන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම. ඔවුන් ලබන 25 වෙනිදා 2 වෙනි අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගන්න තරඟ වඳිනවා. ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම 2 වෙනි අවසන් පූර්ව තරඟයට යනවා. පරාජය වෙන කණ්ඩායමට ඉවත් වෙන්න සුද්ධ වෙනවා.

දෙවෙනි අවසන් පූර්ව වටයේදී තරඟ වදින්නේ පළවෙනි අවසන් පූර්ව තරඟයේ පරාජය වුන කණ්ඩායම සහ පිටු දැකීමේ තරඟයෙන් සුදුසුකම් ලබා ගත්ත කණ්ඩායම. මේ තරඟයෙන් ජය ගන්න කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබා ගන්නවා.


News Articles
Latest Videos
Most Popular Post