News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

ජැක්සන් ඇන්තනීගේ දරුවන් තුන්දෙනාම එකම දවසක යුග දිවියට.

1294 Views


ජැක්සන් ඇන්තනීගේ දරුවන් තුන්දෙනාම එකම දවසක යුග දිවියට.

ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්ත කලාකරුවෙක්. ජැක්සන්ගේ පුතාලා දෙන්නා සහ දුව දැන් ඉන්නේ විවාහයක් කර ගන්න වයසේ. ළමයි තුන්දෙනාම එකම දවසේ විවාහ කරලා දෙනවා කියලා ජැක්සන්ගේ බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ පුවත්පතක් සමඟ කියලා තිබුණා. මේ තියෙන්නේ ඒ සංවාදය.

දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද?

ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර වැඩයි කලාවේ වැඩයි කරගෙන ඉන්නවා.

කාර්යබහුල කලා පවුලක බිරිය මව ගෘහණිය හා කලා කටයුතු ජීවිතය විඩාබරයිද ?

මහා වෙහෙසක්‌ කැපවීමක්‌ දරන්න ඕනෑ. හැබැයි ඒ වෙහෙසේ ප්‍රතිඵල දකිද්දී දැනෙන සතුට වෙහෙස නිවා දමනවා.

දරුවන් තිදෙනා අම්මාගේ වෙහෙස වෙනුවෙන් හිතට දැනෙන වටිනාකමක්‌ එක්‌ කරනවද ?

එයාල දන්නවා අම්මා ලොකු කැපවීමක්‌ කරනවා කියලා. දරුවෝ කොච්චර ලොකු වුණත් ගෙදර උයන පිහන එකේ ඉදන් හැම වැඩක්‌ම කරන්නේ මම. අපේ ගෙදර කෙටි කෑම එළියෙන් කනවා කියලා දෙයක්‌ නැහැ. ගෙදර උයන කෑම තමයි හැමෝම කන්නේ. මම රැකියාවට යන කාලෙ වුණත් උදේම උයලා ජැක්‌සන්ටයි දරුවන්ටයි කෑම හදල දෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී වෙනස්‌ වෙයිද දන්නේ නැහැ. දරුවන් විවාහ වෙන්න ඉන්න නිසා.

සැමියාගේත් දරුවන්ගේත් කලා කටයුතුවලට අවැසි නිදහස වෙනුවෙන් ගෙදර සියලුම කටයුතු ඔබම පවරාගෙන වගෙයි ?

ඔව්. ජැක්‌සන් ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් වුවමනා වියදම් දෙනවා. ගෙදර කටයුතු මෙහෙයවන්නේ, ශ්‍රමය කළමනාකරණය කරන්නෙ මම. දරුවෝ කරන්නෙත් විවිධ කලා කටයුතුනේ. එයාලා ගොඩනැඟෙන කාලෙනේ. ඒ වෙනුවෙන් වුවමනා නිදහස දීලා තියෙනවා. එයාලට ගෙදර වගකීම් පවරලා නැහැ.

කුමාරි මුණසිංහ හැබෑ දිවියේත් තිරයේදී අපට හමුවන නිතරම කඳුළක්‌ ඇහිපිල්ලම යට තියාගෙන ඉන්න අම්මාද?

ඊට ටිකක්‌ වෙනස්‌. මම තිරයේ දකින ඒ අම්මාම තමයි. තිරයේ වගේම සැබෑ දිවියේත් කඳුළු තියෙන්නේ මගේ ඇස්‌ අග. මම හරිම සංවේදී කෙනෙක්‌.

දරුවන් තිදෙනා එකම දවසක විවාහ කරදෙන්න සූදානම් වෙනවා කියන්නේ ?

මේ දරුවෝ තුන්දෙනාම අපිට ලැබෙන්නේ අවුරුද්දයි මාස දෙකක වගේ පරතරයකින්. ඒ නිසා මෙයාල අතර ලොකු වයස්‌ පරතරයක්‌ නැහැ. බාල පුතා ගැන ප්‍රශ්නය තියෙන්නේ. එයා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. උසස්‌ අධ්‍යාපනයට පිටරටකට යන්න නියමිතයි. එයාට ගැහැනු ළමයකුත් ඉන්නවා. ඒ දරුවාටත් අධ්‍යාපන කටයුතු කරන්න පිටරට යන්න තියෙන්නේ. දෙන්නා විවාහ කරලම පිටත් කරන එක හොදයි කියලා හිතුවා. අපේ දුවගෙත් විවාහය තීරණය කරලා තිබුණේ. ඉතින් මැද පුතාට මොකද කරන්නේ එයාටත් විවාහයට තීන්දු කරගත් දරුවෙක්‌ ඉන්නවා. ඉතින් අපි තීරණය කළා මේ මංගල උත්සව තුනම එකට ගන්න.

මංගල උත්සවය සඳහා දින වකවානු වෙන්කරගෙනද තියෙන්නේ?

ඔව්. ජනවාරි 18 තමයි අපි දිනය වෙන්කරගෙන ඉන්නේ.

නැකැත් බැලීම් සම්ප්‍රදායික විවාහ මංගල සිරිත් ඉටුකෙරෙනවාද ?

අපොයි ඔව්. අපි නැකැත් බැලුවා. මගේ දරුවො තුන්දෙනාම කතෝලික නිසා දේවස්‌ථානයේ කෙරෙන විවාහ චාරිත්‍ර කරනවා. මමත් බෞද්ධ. විවාහ වෙන දරුවෝ දෙන්නෙකුත් බෞද්ධ. අපි පෝරුවේ චාරිත්‍රත් ඉටු කරනවා.

මංගල ඇඳුම් පැළඳුම් සැකසෙන්නේ?

ඒවා දරුවන්ගේ කැමැත්ත අනුව එයාල කර ගන්නවා.

මේ විවාහ උත්සවය තුළින් වෙනස්‌ දෙයක්‌ කිරීමේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙනවාද?

කොහොමත් මෙයාලා අමුතු වැඩ කරනවානේ. එහෙම දෙයක්‌ වෙනවා. ඒවා මේ විවාහ උත්සවයෙන් ලැබෙන අතුරුඑල. හොදට වගේම නරක අතුරුඑලත් ලැබෙයි. ඒ හැම දේකටම මුහුණ දෙන්න බලාගෙනයි මේක කරන්නේ.

පවුලට එකතුවෙන අලුත් සාමාජිකයනුත් කලාවට සම්බන්ධ අයද?

චූටි පුතා විවාහ වෙන දරුවා නර්තනය කරලා තියෙනවා. පුතාගේ ස්‌වර්ණපාලි ගීතයට නර්තනයෙන් සහභාගි වෙන්නේ එයා. දුව විවාහ වෙන්න ඉන්න පුතා ගුවන් සේවයක වැඩ කරන කෙනක්‌. මැද පුතා විවාහ වෙන දුව රැකියාවක්‌ කළා. දැන් පුතාගේ ඉල්ලීම නිසා එයා රැකියාවෙන් ඉවත් වෙලා. තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ. කලාවට සම්බන්ධ නැහැ. ඒත් කලාවට ආදරය කරන අය.

සහකාරියන් සහකරුවන් තෝරා ගනිද්දී ඔබලාගේ මැදිහත්වීමකුත් තිබුණාද?

එයාලා තමයි සහකරුවන් හොයා ගත්තේ. තමුන්ට ගැළපෙන කෙනා තමුන්ට මිසක්‌ කවදාවත් තවත් කෙනකුට හොයන්න බැහැ.

මව්පිය සෙවනෙන් නික්‌ම යද්දී කුමාරිට වැඩියම දැනෙන්නේ ?

මට දරුවෝ තුන් දෙනාම එකයි. ඔය දරුවො තුන්දෙනාම අපිට ලැබුණේ රජයේ රෝහල්වල සාමාන්‍ය දරු උපත් වලින්. ඔය දරුවෝ වෙනුවෙන් මම ඉහිලුවේ එක වගේ බරක්‌. හැබැයි දුව ගැහැනු ළමයෙක්‌ නිසා මගේ අවධානය ඇණුම් බැණුම් ටිකක්‌ වැඩියි. එච්චරයි.


News Articles
Latest Videos
Most Popular Post