News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

477 Views


පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි.

ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post