News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

ලෝක රූ රැජින කිරුළු ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං ට

903 Views


ලෝක රූ රැජින කිරුළු ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං ට

ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලැබුවා.

එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඊයේ පැවති ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ ඕෆ්ලි මෙසිනෝටයි.

ජයග්‍රාහී ටෝනි ඈන් සිං 23 හැවිරිදි සරසවි සිසුවියක වන අතර, ඇය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරනු ලබනවා.

වෛද්‍යවරියක් වීම තම අපේක්ෂාව බව ඇය සඳහන් කළ අතර ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ කැරිබියානු ශිෂ්‍ය සම්මේලනයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කළ බව සදහන්.

ටෝනි ඈන් සිං ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ හතරවන ජැමෙයිකානු කාන්තාව වන අතර 1993 වසරේදීද ජැමෙයිකාවේ ලීසා හනා ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ තුන්වන තැන හිමිවූයේ ඉන්දියාවේ සුමන් රා ඕටයි.

ඉන්දියාවේ මනුෂි චිල්ලාර් 2017 වසරේ ලෝක රූ රැජින වූ අතර, බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළදුවා.

https://www.youtube.com/watch?v=k2DQfkP0yp0


News Articles
Latest Videos
Most Popular Post