News Line| Off Air| Games
Generic placeholder image

Nov
27

මහනුවර රෝහලේ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුටත් කොරෝනා

477 Views


මහනුවර රෝහලේ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුටත් කොරෝනා

මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය තහවුරු කළා.

ඇය පැවසුවේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ සායනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතු වීමත් සමග සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි.

එම සායනයේ අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ද මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව ඇය ප්‍රකාශ කළා.

අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම පරීක්ෂණවල ප්‍රතිඵල සමග ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවයි.

එමෙන්ම අද වාර්තා වූ ආසාදිතයින් දෙදෙනාගේ සම්බන්ධතා පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති අතර රෝහල් කාර්යය මණ්ඩලය තුළ තවත් ආසාදිතයින් ඇත්දැයි යන්න කඩිනමින් හඳුනා ගැනීමට අවශ්‍ය බව ද ඇය කියා සිටියා.

මේ වනවිට රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවත්, මතුව ඇති තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී එම කටයුතු සීමා විය හැකි බවත් පවසන අධ්‍යක්ෂවරිය ජනතාවට දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර කටයුත්තකට හැරුණුකොට රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post