News Line| Off Air| Games
Generic placeholder image

Jan
12

සංගා T20 තරඟාවලියකට එක්වෙයි.

502 Views


සංගා T20 තරඟාවලියකට එක්වෙයි.

කුමාර් සංගක්කාර, ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයා. එ වගේම ඩොනල් බ්‍රැඩ්මන් එක්ක සමකරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ සංගා වෙනත් විදේශ තරඟාවලි සඳහා සෙල්ලම් කරා. හැබැයි පහුගිය ටිකේම සංගාව වැඩිය ක්‍රිකට් පිටියේදී දකින්න ලැබුනේ නෑ. හැබැයි සංගා අායෙත් T20 තරඟාවලියකට සහභාගී වෙන්න යනවා.

එ් හොංකොං බ්ලිට්ස් T20 තරඟාවලියට. “ගැලැක්සි ග්ලැඩියේටර් ලන්තාවූ” කණ්ඩායමට තමයි සංගා ක්‍රීඩා කරන්නේ. ඔහු හොං කොං තරඟාවලියට සහභාගී වෙන දෙවන අවස්ථාව මේක. සංගාගේ සහභාගීත්වය නිසා හොංකොං දේශීය ක්‍රීඩකයින් ගොඩක් සතුටින් ඉන්නේ කියලයි හොංකොං වලින් අාරංචි වෙන්නේ.

මොකද ලෝක ක්‍රිකට්වල දැවැන්තයෙක් එක්ක ක්‍රීඩා කරන එක ඔවුන්ටත් හොඳ අත්දැකීමක් නිසා. “අවසන් වරට බ්ලිට්ස් තරඟාවලියේ ලබා ගත්ත අත්දැකීම් ගැන මම ඉතාම සතුටට පත්වෙනවා. දෙවෙනි වතාවටත් තරඟාවලියට එක් වෙන්න ඉතාම අාශාවෙන් බලා ඉන්නවා” කියලයි සංගා හොංකොං පුවත්පතකට කියලා තිබ්බේ.

ඉතින් මේ තරඟාවලියෙදීත් සංගාගේ වැඩකිඩ බලා ගන්න ඔබට පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post