News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

“සංස්කෘතිය කාන්තාවන්ට විතරද? මට ජනතාවගේ අාදරය ඕන නෑ.” – බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියයි.

1043 Views


“සංස්කෘතිය කාන්තාවන්ට විතරද? මට ජනතාවගේ අාදරය ඕන නෑ.” – බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියයි.

කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න වගේම විකුණන්නත් බෑ කියලා ලංකාවම දැන ගත්තේ මේ ළඟදී. එ් මංගල අැමතිතුමා එ් තහනම ඉවත් කරලා ගැසට් එකක් අත්සන් කරාම. හැබැයි හැරුණ තැපෑලෙන්ම ජනාධිපතිතුමා එ් ගැසට් එක අවලංගු කරන්න කිව්වා.

ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතිය නැති වෙනවා කියලා ගොඩක් අය කියන්න ගත්තා. එ් අතරේ ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු කාන්තාවන් 11 උසාවියටත් ගියා. එ් ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතීන් අහෝසි වෙනවා කියලා. මේ ගැන එක එක අය එක එක කතා කිව්වා. බාර් තහනමට එරෙහිව උසාවියට ගිය හේතුව සමනලී සති අන්ත පත්තරයකට කියලා තිබ්බා. මේ තියෙන්නේ එ් සංවාදය.

* කාන්තාවන්ට මත්පැන් අලවිය හා මිලදී ගැනීම සම්බන්ධව පවත්නා නීතිය පිළිබඳව අද දවසේ ප්‍රබල කතිකාවතක් මතුවෙලා තියෙනවා. මේ වන විට ඔබත් මේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන්නියක්?
මේක මත්පැන් පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රටක පුරවැසියෙකු විදියට කාන්තාවක් වීම නිසාම සමානාත්මතාව නැති වීම ගැටලු සහගතයි. උදාහරණයක් විදියට දෙමළ ජාතිකයෙකු වීම හෝ මුස්ලිම් ජාතිකයෙකු වීම හෝ කාන්තාවක වීම හෝ නිසා සමාජය තුල හිමිවිය යුතු පොදු හිමිකම් නැති වෙනවානම් මම හඬ නගනවා. එත් එ් හඬ නැගීම තුල තියෙන්නේ කාන්තාවන්ට බොන්න ඕනෑ. බීලා පාරේ වැටිලා ඉන්න ඕන කියන අදහස නෙවෙයි. අපි එකළොස් දෙනෙක් එක් වී කරන මේ කටයුත්තේදී මාව පමණක් කේන්ද්‍රගත කරලා මගේ හඬ නැගීමක් ලෙස මෙම පුවත ප්‍රචාරය වීම ගැන නම් මම තරයේ විරුද්ධයි.

* කවුද එ් පිරිස?
නිශාන්ති බණ්ඩාරණායක, එ්ම්.ඩී.ජේ.බී. ප්‍රනාන්දු, චන්දිමා රචිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්‍රිනා එසුපුලී, සාරන්‍යා සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන අය.

* ඔබ පැවසුවා මෙය මත්පැන් මිලට ගැනීමට හා අලෙවියට කාන්තාවන් සතු අයිතිය පිළිබඳ කරන හඬ නැගීමක් පමණක් නොවන බව.
ඔව්… මෙය කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක දෙයක් විතරයි. කාන්තාවන්ට සම තැන හිමිවිය යුතුයි. එ් වෙනුවෙන් කරන සාකච්ඡාව අරඹන්න අද දවසේ සුදුසුම තැන මෙතැන. ඊට හේතුව අද දවසේ අැති වී අැති ප්‍රශ්නය මෙය නිසා.

* මෙය බෞද්ධ රටක්. අපට සංස්කෘතියක් තියෙනවා. එ් සංස්කෘතිය තුළ කාන්තාවන්ට තිබෙන පිළිගැනීම අනුව “අැය” මත්පැන් වෙනුවෙන් අයිතීන් ඉල්ලා සටන් වැදීම සුදුසුද?
ඔය සංස්කෘතිය “අැය”ට පමණද? එ් සංස්කෘතිය රැකීමේ සහ ඉදිරියට යාමේ පෙරගමන්කරුවා “අැය” විතරමද? පිරිමින් බේබදුකමින් හැසිරෙනකොට පිරිමින් ස්ත්‍රී දූෂණ, අපරාධ කරන විට දේශපාලනඥයින් දුෂණ හා මූල්‍ය වංචා සිදුකරන විට ඔය කියන සංස්කෘතික පරිහානිය සිද්ධ වෙන්නේ නැද්ද? මා කී මේ අදහසටත් යම් අර්ථකථන දෙන්න පුළුවන්. පිරිමි බීලා පාරේ වැටිලා ඉන්න පුළුවන් නම් ගැහැනුන්ටත් එය පුළුවන් බව නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ සංස්කෘතිය රකින එක සමස්ත ජනතාවගේම වගකීම බව. මෙතැනදී අපි මේ හඬ නගන්නේ ගැහැණුන්ට බොන්න දෙන්න කියලා නෙවෙයි. කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් රැකලා අැයට සම තැන හිමිවිය යුතු බව.

* ඔබ නිළියක්. පොදු ජනතාව නළු නිළියන්ට අාදරේ කිරීම, එ් අයව පරමාදර්ශී චරිත බවට පත්කර ගැනීම ඕනෑම රටකට පොදුයි. සමනලී ෆොන්සේකා මේ කරන හඬ නැගීම ඔබේ රසික පිරිස කෙබදු අාකාරයට පිළිගනීවිද?
මම වෘත්තීය නිළියක්. මගේ රැකියාව මට ලැබෙන චරිතය හොඳින් රඟපාන එක. මට කවදාවත් ජනප්‍රිය නිළියක් වීමේ අවශ්‍යතාවක් නැහැ. ජනතාවගේ අාදරය දිනා ගන්න මට අවශ්‍ය නැහැ. මම නිළියක් නොවී හිටියා නම් එ්ත් මේ මොහොතේ මම මේ හඬ නැගුමට එකතු වේවි. මගේ හඬ නැගීම කාන්තා අයිතීන් ගැව බවත් එ්කට මේ අවස්ථාවේ සුදුසුම මාතෘකාව මෙය බවත් මා පුන පුනා කියනවා.

* මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට හඬ නැගූ අය අතර එදා ඔබත් සිටියා. අද ඔබ ඔහුට එරෙහිව නැගී සිටිනවා.
අප එදා එ්කරාශී වූයේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ එ්කාධිපති පාලනයට එරෙහිව හඬ නගන්න. අපි හිටියේ ස්වාධීන වේදිකාවක. එ් මොහොතේ තිබුණු විකල්පය මෛත්‍රීපාල සිරිසේන. නමුත් මේ ධනවාදී දේශපාලන ක්‍රමය යටතේ මෛත්‍රීපාල සිරිසේන රජය තුළිනුත් වැරදි විය හැකි බව අප එදා දැන සිටියා. තනතුරු ගන්න, වාසි ලබා ගන්න නෙවෙයි අපි නැගී සිටියේ. එ් හින්දා එදාම අපේ තීරණය වුනේ යම් දාක මෛත්‍රීපාල සිරිසේන රජයෙන් යම් වරදක් වුනොත් ඊට එරෙහිවත් නැගී සිටින බව. අද මේ සිද්‍ර වෙන්නේ එය. පැහැදිලිව කිව යුතු දෙයක් තියෙනවා. දේශපාලනයට පිවිසීමේ අරමුණින් මෙබදු ක්‍රියා කරන අය ඉන්නවා. එ්ත් මම එතැන නැහැ.

උපුටා ගැනීම: ලක්බිම ඉරිදා


News Articles
Latest Videos
Most Popular Post