News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

“මම කලින් හිටිය මාලිංග නෙවෙයි. මම තනියම පුහුණුවීම කරේ”- දෙවෙනි එක්දින තරඟයෙන් පසු මාලිංග කියපු කතාව.

909 Views


“මම කලින් හිටිය මාලිංග නෙවෙයි. මම තනියම පුහුණුවීම කරේ”- දෙවෙනි එක්දින තරඟයෙන් පසු මාලිංග කියපු කතාව.

ඊයේ පැවැත්වුන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟයත් වැස්සට අහුවුණා. ඒ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට ලකුණු 30 ක් ජයක් හිමිවුනා.

කොහොම වුනත් එංගලන්ත පිළට හොඳ තරඟයක් දෙන්න ශ්‍රී ලංකාව සමත් වුණා. විශේෂයෙන්ම ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම කැපී පෙනුනා. මාලිංග ඊයේ තරඟයේ කඩුලු 5 ක් දවා ගත්තා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර කඩුලු 500 සීමාවත් ඊයේ පහුකරා.

බලධාරීන්ගේ කැපිලි කෙටිලි නිසා කාලයක් මාලිංගගේ ශක්තිය කණ්ඩායමට ලැබුණේ නෑ. කාලයකට පස්සේ කණ්ඩායමට ඇවිත් මාලිංග ලබා ගත්ත මේ අලුත් ආරම්භය ගැන ඔහු තරඟයෙන් පස්සේ අදහස් දැක්වුවා.

“මට වසර එකහාමාරක් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නෑ. මම කලින් ලසිත් මාලිංග නෙවෙයි. හැබැයි මට කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න තාම පුළුවන්.” කියලයි මාලිංග කිව්වේ. ඒ වගේම වසර එකහාමාරක් කිසිම පුහුණුකරුවෙක් යටතේ පුහුණු වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ කියලයි මාලිංග කිව්වේ.

https://streamable.com/sujpu


News Articles
Latest Videos
Most Popular Post