News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

“සමුගත්තොත් ඇරෙන්න මාලිංගට ආයෙත් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ. අපි එයාගේ ක්‍රිකට් ඉවර කරා.” පාලකයෝ කියයි. මාධ්‍යයෙන් රටට වසන් කළ, මාලිංගගේ ක්‍රිකට් දිවිය නිමා කරන ලංකා ඉතිහාසයේ දරුණුම පළිගැනීමේ සුලමුල මෙන්න. – EXCLUSIVE

21235 Views


“සමුගත්තොත් ඇරෙන්න මාලිංගට ආයෙත් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ. අපි එයාගේ ක්‍රිකට් ඉවර කරා.” පාලකයෝ කියයි.   මාධ්‍යයෙන් රටට වසන් කළ, මාලිංගගේ ක්‍රිකට් දිවිය නිමා කරන ලංකා ඉතිහාසයේ දරුණුම පළිගැනීමේ සුලමුල මෙන්න. – EXCLUSIVE

ලසිත් මාලිංග කියන්නේ ඔබ ගොඩාක් ආදරය කරන, ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කරපු ක්‍රීඩකයෙක්. හැබැයි අපි මේ කියන්න හදන්නේ ලසිත් මාලිංග ගැන මෙච්චර දවසක් මාධ්‍යයෙන් වසං වෙලා තිබුනු කතාවක්. මේ කතාව අපිට දැන ගන්න ලැබුනේ බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්.

ඉන්දීය සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් වෙන්නේ නෑ කියලා සමහරවිට ඔබට වටින් ගොඩින් ආරංචි වෙලා ඇති. හැබැයි ඇත්තම කතාව නං මුලු ලෝකේම හොල්ලපු යෝකර් King ලසිත් මාලිංග ආයිත් ලංකාවට සෙල්ලම් කරනවා ඔබට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

ඒකට ආසන්නතම සිදුවීම ලසිත් මාධ්‍යට ඇවිත් පරිපාලකයන්ට දෙහි කපපු එක කියලයි අපිට ආරංචි වුනේ. හැබැයි මාලි එල්ල කරපු චෝදනා වලට පරිපාලකයෝ උත්තර දීලා තියෙන්නේ මොළෙන්. ඒ ගේමේ තරම කොච්චරක්ද කියනවා නම් ගෙවී යන වසරේ ශ්‍රී ලංකාවේ හොදම පන්දුවාර 20 ක්‍රීඩකයා, සම්මානය ලැබිලා මාස දෙක තුනක් යද්දී Team එකෙන් එලියට විසි වෙලා යනවා. අන්න ඒ නිසා මාලි සම්බන්ධව පළිගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනව කියලා ඔබට දැන් හිතෙයි. ඒක තවත් ස්ථීර වෙයි මේ කතාව ඇහුවම.

“අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක්  තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.

මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.

ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් සියත 24 අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.

“මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.


News Articles
Latest Videos
Most Popular Post