News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

“මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි…” – මධූ Rox කියන්නේ කවුද?

1576 Views


“මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි…” – මධූ Rox කියන්නේ කවුද?

මේ දවස්වල සමාජ මාධ්‍ය වල දකින්න තියෙන Video එකක ඉන්නවා. මධූ Rox කියල පුද්ගලයෙක්. ඔහු ගැන දැනගන්න ගොඩක් දෙනෙක් උත්සහ කරනවා. ඉතින් මේ මධූ Rox කියන කෙනා සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ සාකච්ඡාවක් කරලා තිබුණා. ඔහු ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි සියත 24 මේ ලිපිය අරගෙන එන්නේ….

මධු Field එකට එන්නේ?

වසර කිහිපයකට කලින්. ගායකයෙක් විදිහට තමයි Field එකට පිවිසෙන්නේ. නමුත්, කාලයත් එක්ක මම රංගනය, නර්තනය හා නිවේදනය කියන අංශ වලටත් යොමු වුණා. දැනට මම ගීත 11ක් එළිදක්වලා තියෙනවා. ඒ ගීත අතරින් ගීත අටකට රූප රචනා නිර්මාණය කළා. තවත් ගීත රූප රචනා බොහෝමයකට මම රංගනයෙන් හා පද රචනයෙන් දායක වෙලා තියෙනවා. ගීත කිහිපයක්ම ඉදිරියට එන්නත් තියෙනවා. මං පතන්නම්, මගේ ලොව හිරු, හිතපුරා සෙනෙහස, ඔබ ගියා කියා, නුඹයි අප්පච්චි හා රාග සිත්කියන ගීත ජනප්‍රිය වුණා. මේ දිනවල නිතර ඇහෙන මගේ අලුත්ම ගීතය අදහන්නද කොහොම ගීතය ජනප්‍රියව තිබෙනවා.

මධු කියන්නේ ගායකයෙක් විතරද?

නැහැ. මම ක්ෂේශ්ත්‍ර කිහිපයකම දැනටත් වැඩ කරනවා. මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි. වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එයට දායක වෙනවා. මම දක්ෂ නිසානේ මට වැඩ ලැබෙන්නේ. අදටත් මට වැඩ තියෙනවා. මේ වැඩවලට අමතරව මධුවා Creations නමින් ආයතනයක් පවත්වාගෙන යනවා. එමගින් ගීත, රූප රචනා සිදු කරනවා. අප ආයතනයෙන් මේ වනවිට නිර්මාණ රාශියක් කලාවට දායද කරලා තියෙනවා. මධුවා Creations හි විශේෂත්වයක් තියෙනවා. අපෙන් කරන නිර්මාණ මුදල් නොගෙන ජනප්‍රිය කරදීමට අපි බැදී ඉන්නවා. නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න බැරිව සිටින නවක කලාකරුවන්ට මේක ලොකු තෝතැන්නක්.

තරුණ ගායකයෝ අද Field එක තුළ බොහෝ ඉන්නවා?

දවස ගානේ තරු බිහිවුණත් උපරිම සතියයි ඒ ජනප්‍රියත්වය තියෙන්නේ. අද කලාවේ රැදෙන්න වාසනාව, දක්ෂතාවය තිබිලා මදි, කාලෝචිත දැනුමත් ඕන. නිර්මාණ කරන්න පුළුවන්. ඒත්, ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්නයි අමාරු. මොකද ප්‍රේක්ෂකයාට අංජනම් එළි නැහැ, හොඳ නිර්මාණ තෝරගන්න. සැබෑවින්ම කලාකරුවෙක් කියන්නේ රසිකයා පිනවන්නා. නිර්මාණයක් කරපු පලියට කලාකරුවෙක් වෙන්නේ නැහැ. මම කලාවේ වෙනස්ම පැතිකඩකින් යන කලාකරුවෙක්. රසිකයාගේ හදවතට දැනෙන්න නිර්මාණය කරන කලාකරුවෝ අඩුයි.

උදව් කරපු පිරිස?
මට කලාවේ යෝධ පියවරක් වීමට හැකිවුණේ මගේ රසික රසිකාවින්ගේ ආදරය, ආශිර්වාදය නිසා. මම මෙය ආවස්ථාවක් කරගන්නවා ඔවුන්ට හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරන්න. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාමත්, මුහුණු පොතේ සියලු දෙනාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

මට කතා කරන්න
0778 113 331
0710 351 494


News Articles
Latest Videos
Most Popular Post