News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

489 Views


මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම සදහන් කළා.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව අදාළ දුරකථන සංවාද සිදුකළ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිනි රණවක, දැනට රාජකාරියේ නිරතව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නීතිපතිවරයා නියෝග කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post