News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි – හිටපු ජනපති කියයි

342 Views


රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි  – හිටපු ජනපති කියයි

රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ තිබූ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද (22දා) සඳහන් කළා.

මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා.

“අගමැතිවරයා කියනවා මේක ව්‍යවස්ථාවක් නෙමෙයි කියලා. තවත් අය කියනවා කෙටුම්පතක් නෙමෙයි කියලා. එහෙනම් මොකක්ද මේ. අනිත් පැත්තට කියනවා බුද්ධාගමට තියෙන තැන අහිමිවෙනවා කියලා.

මේක රනිල් වික්‍රමසිංහ මහතාටත් සුමන්තිරන් මහතාටත් අතර තිබෙන ගිවිසුමක්. මේ අය සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව රවටනවා. මෙය නැති කරන්න ජනතාව කටයුතු කළ යුතුයි. රටට ව්‍යවස්ථාවක් ඕන. මොකක්ද ඕන කියන එකයි ප්‍රශ්ණය”

මේ අතර ආගමික වැඩසටහන අමතමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක්ව කටයුතු කළ යුතු අවස්ථාවක් දැන් උදාවී ඇති බවයි.

“අපි ලාංකික ජාතියක් වශයෙන් සියලු දෙනා එකට කටයුතු කළ යුතු මොහොතක් මේ. එකිනෙකාට තියෙන වෛරයන් විරෝධතාවන් නැතිව සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට පුළුවන්. මුස්ලිම් ජනතාවත්, දමිළ ජනතාවත්, සිංහල ජනතාවත් සමගියෙන් ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ ඇතිවිය යුතුයි.

අන්තවාදින් කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඒ අන්තවාදීන්ගේ අදහස්වලට යටත් නොවී අපි දෙගොල්ලෝ අතර තිබෙන සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගනිමු.”


News Articles
Latest Videos
Most Popular Post